මෙහි ඇති සියළු ලිපි අවසරයකින් තොරව උපුටා ගත හැකියි. නමුත් එසේ කළවිට කරුණාකර අපගේ වෙබ් අඩවියද සඳහන් කරන්න

Thursday, December 30, 2010

වෙනත් ආගමිකයින් සමග යහපත් සම්බන්ධතාවය

මුස්ලිම්වරුන් හැර වෙනත් සමාජිකයන් සමග මිත්‍රත්වය ඇතු නොකරනු යැයි පරිශුද්ධවූ කුර්ආණයේ බොහෝ තැන්වල නියෝග කර ඇත. මෙවැනි ආයාවන් සැළකුවහොත් ඉස්ලාම් වර්ගවාදය නිලාරම්භ කරන බව සමහරුන් සිතිය හැකියි. මෙසේ සිතීම වැරදියි. කුර්ආණය පහළ වුනු වකවානුවේ මුස්ලිම්වරුන් සමග ජීවත්වුනු බුහුල දෙවි අදහන්නන්ද, යුදෙවුන්ද මුස්ලිම්වරුන්ට ඇරහිව සේනාවන් ඇතිකරමින් සිටියහ. යම්සේ මුස්ලිම්වරුන්ව විනාශ කර ඉස්ලාමය බිඳ දැමීමේ ක්‍රියාවලිවල යැදැවමින් පැවතූහ. යුද්ධයක් නොපැවැත්වුනු වර්ශයක් තිබුනේ නැත. සමහර අවස්ථාවේ මුස්ලිම්වරුන්ට වර්ශයට එකට වඩා වැඩියෙන් යුද්ධවලට මුහුණ දීමට සිදුවුනේය. මෙවැනි අවස්ථාවේ සමහර මුස්ලිම්වරුන්ගේ නෑදෑයන් සහ මිතුරන් සතුරන්ගේ ප්‍රදේශවල සිටියහ. ඔවුන් සමග මුස්ලිම්වරුන් ආශ්‍රය කළෝය. මුස්ලිම්වරුන්ගෙන් ඔවුන්ට තොරතුරු නොලැබීමට සඳහා මෙවන් නියෝගයන් නියම වී ඇත්තෙය. පරිශුද්ධවූ කුර්ආණයේද මේ පිළිබඳව විවරණය කර ඇත

Friday, December 17, 2010

රාජ්‍ය කාරිය සහ දූත කාරිය

"තවද ඔවුන්ගේ නබි ඔවුන්ට "නියත වශයෙන්ම අල්ලාහ් තාලූත්ව ඔබට රජෙකු වශයෙන් යවා ඇත්තේය" යයි පැවසීමට, ඔවුන් "අප කෙරෙහි ඔහුට කෙසේ නම් රාජ්-උරුමය අත්වන්නේද? ඔහුට වඩා අපිම රජ කිරීමට ඉතාමත් සුදුස්සන් වන්නෙමු. (රජ කිරීමට අවශ්‍ය වූ) ඉමහත් ධනයද ඔහු අත් කරගත්තේ නැත" යයි පැවසූහ. (එයට ඔවුන්ගේ නබි වන) ඔහු "නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙහි (රජ කිරීමට) ඔහුව තෝරාගෙන ඇත්තේය. තවද (යුද) අධ්‍යාපනයෙහිද, දේහ (විශාලත්වයෙන්ද) ශක්තියෙන්ද, ඔබට වඩා ඔහුට වැඩි කර ඇත්තේය. අල්ලාහ් තමන් කැමැත්තන්ට තම රාජ්-උරුමය ලබා දෙන්නේය. අල්ලාහ් (දානමාන කිරීමෙහි) අති මහත්ය. (රජ කිරීමට සුදුස්සන්ව) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය" යයි කීවේය."
 

Monday, December 13, 2010

ආගම වෙනස් කිරීමේ පිණිස යුද්ධය තහනම්

"ආරාවුල (සම්පූර්ණයෙන්ම) පහ වී දීන් අල්ලාහ්ට අයත්ව යයි ස්ථීර වනතුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන් (ආරාවුල් නොකර) ඈත් වුවොහොත් (ඔවුන්ගෙන්ද) අපරාධ කරන්නන් හැර, (අන් අයට වේදනා කර ) සීමාව ඉක්මවා නොයනු"
(
කුර්ආණය 2:193)

"ආරාවුල (සම්පූර්ණයෙන්ම) පහ වී දීන් අල්ලාහ්ට අයත්ව යයි ස්ථීර වනතුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන් (ආරාවුල් නොකර ) ඈත් වුවොහොත් අල්ලාහ් ඔවුන් කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය"
(
කුර්ආණය 8:39)

Friday, November 26, 2010

යුද්ධයේ ව්‍යාකරණය

නබි නායකතුමා (සල්) සහ ඔහුගේ සහායකයෝ වාසස්ථානයන්, සම්පත්, උණුසුම් බව සියල්ලන්ම අහිම්කර මක්කා නගරයේ සිට පිටමං කළෝය. පසුව මදීනා නගරයට පැමිණ තනි රජ්‍යයක් ඇතිකළේය. මීට පසුවත් මක්කා නගරයේ සාමාජිකයෝ සටනට පැමිණීමද, මක්කා නගරයේ ඉතුරුවී සිටි ඉස්ලාමය පිළිගෙනු ලැබූ සමාජකයන්ව හිංසාවට පත්කිරීමද, සමහරුන්ව ඝාතණය කිරීමද හේතුකොට යුද්ධ කිරීමේ යුතුකම දෙවියා ඇති කළේය. රටක් යම් රටකට ඇරහිව කටයුතු කළවිට, එම රට ගන්නා ක්‍රියාමාර්ගයටත් වඩා ඉතා අඩුවෙන් ඉස්ලාම් තම දැඩිකම පෙන්නුම් කරයි. 'මරන්න', 'කපන්න' කියා පැවසෙන නියෝගයන් යුබිමේ ක්‍රියා කළයුතු ක්‍රියාමාර්ගයන්ය. යුද්ධභූමියේ හැසිරිය යුත්තේ මෙසේය

Wednesday, November 24, 2010

කුර්ආණය සහ මී මැස්සන්

"ඔබගේ දෙවියන් මී මැස්සන්ට හොඳ වැටහීමක් ඇති කරන්නේය. "කඳුවලද, ගස්වලද, උස ගොඩනැගිලිවලද ඔබ කූඩු තනා ගනු". "තවද ඔබ සෑම වර්ගයකම පලතුරුවලින් (මල්වලින්) පානය කර, ඔබගේ දෙවියන්ගේ පහසු මාර්ගයන්හි (ඔබගේ කූඩු තුළට) හැකිළී යනු." මෙමගින් උගේ කුසෙන් විවිධ වර්ණයන්ගෙන් යුත් පානයක් (මී පැනි) ඉකුත් වන්නේය. එයින් මිනිසුන්ට සුවය ඇත. නියත වශයෙන්ම මෙහිදි සිතා දැන ගත හැකි ජනතාවට එක් සාධකයක් ඇත."
(
කුර්ආණය 16:68-69)

ඉහත සඳහන් ආයාව මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන පිළිබඳ සත්‍ය පවසයි.