මෙහි ඇති සියළු ලිපි අවසරයකින් තොරව උපුටා ගත හැකියි. නමුත් එසේ කළවිට කරුණාකර අපගේ වෙබ් අඩවියද සඳහන් කරන්න

Thursday, December 30, 2010

වෙනත් ආගමිකයින් සමග යහපත් සම්බන්ධතාවය

මුස්ලිම්වරුන් හැර වෙනත් සමාජිකයන් සමග මිත්‍රත්වය ඇතු නොකරනු යැයි පරිශුද්ධවූ කුර්ආණයේ බොහෝ තැන්වල නියෝග කර ඇත. මෙවැනි ආයාවන් සැළකුවහොත් ඉස්ලාම් වර්ගවාදය නිලාරම්භ කරන බව සමහරුන් සිතිය හැකියි. මෙසේ සිතීම වැරදියි. කුර්ආණය පහළ වුනු වකවානුවේ මුස්ලිම්වරුන් සමග ජීවත්වුනු බුහුල දෙවි අදහන්නන්ද, යුදෙවුන්ද මුස්ලිම්වරුන්ට ඇරහිව සේනාවන් ඇතිකරමින් සිටියහ. යම්සේ මුස්ලිම්වරුන්ව විනාශ කර ඉස්ලාමය බිඳ දැමීමේ ක්‍රියාවලිවල යැදැවමින් පැවතූහ. යුද්ධයක් නොපැවැත්වුනු වර්ශයක් තිබුනේ නැත. සමහර අවස්ථාවේ මුස්ලිම්වරුන්ට වර්ශයට එකට වඩා වැඩියෙන් යුද්ධවලට මුහුණ දීමට සිදුවුනේය. මෙවැනි අවස්ථාවේ සමහර මුස්ලිම්වරුන්ගේ නෑදෑයන් සහ මිතුරන් සතුරන්ගේ ප්‍රදේශවල සිටියහ. ඔවුන් සමග මුස්ලිම්වරුන් ආශ්‍රය කළෝය. මුස්ලිම්වරුන්ගෙන් ඔවුන්ට තොරතුරු නොලැබීමට සඳහා මෙවන් නියෝගයන් නියම වී ඇත්තෙය. පරිශුද්ධවූ කුර්ආණයේද මේ පිළිබඳව විවරණය කර ඇත

"විශ්වාසවන්තයිනි ! ඔබට පෙර ධර්මය ලබා දුන් අයගෙන්ද, ප්‍රතික්ෂේප කරන්නන්ගෙන්ද, කවුරුන් ඔබගේ ධර්මය සමච්චලයක් වශයෙන්ද, (පුහු) කෙළියක් වශයෙන්ද ඇර ගන්නෝද, ඔවුන්ව (ඔබට) සහායයන් වශයෙන් (හෝ ආරක්ෂකයින් වශයෙන් හෝ ) නොගනු. ඔබ (සත්‍ය) විශ්වාස්වන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, අල්ලාහ්ටම බිය වී (කටයුතු) කරනු. (මොවුන්ගෙන් කිසිවෙකුටත් බිය නොවනු)."
(කුර්ආණය 5:57)


"විශ්වාසවන්තයිනි ! මටත් ඔබටත් විරුද්ධවාදියෙකු වශයෙන් සිටින්නන්ව ඔබ ප්‍රිය කරන්නන් බවට පත් කරගෙන, ප්‍රියමනාප කමින් (රහසින් ලිපි ගනුදෙනු කර) ඔවුන් සමග සම්බන්ධකම් නොපවත්වනු. (මන්දයත්) ඔවුන් නම්, ඔබ වෙත පැමිණි සත්‍ය (ධර්මය) නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කර දැමූහ. ඔබ, ඔබගේ දෙවියන් වන අල්ලාහ්ව විශ්වාස කළාය යන්න සඳහා ඔබවත්, (අපගේ) දූතයාවත්, (ඔබගේ නිවෙස්වලින්) පිටමං කළහ. (විශ්වාසවන්තයිනි ! ඔබ) මගේ සොම්නස කැමති වී මගේ මාර්ගයෙහි යුද්ධ කිරීමට ඇත්තෙන්ම ඔබ (ඔබගේ නිවෙස්වලින් ) පිට වූවෙහු නම්, ඔවුන් සමග ඔබ රහසින් සම්බන්ධකම් පවත්වමින් සිටින්නෙහුද? ඔබ (ඔබගේ මනසෙහි ) සඟවා ගත් දැයද, (ඊට වෙනස්ව) එළිදරව් කරන දැයද, මා හොඳින් දන්නෙමි. මෙසේ ඔබගෙන් කවුරුන් හෝ කළහොත් නියත වශයෙන්ම ඔහු සෘජු මාර්ගයෙන් වැරද ගියේය."
(කුර්ආණය 60:1)


"ඔවුන්ට අවස්ථාවක් ලැබුනහොත් (ප්‍රසිද්ධියේම ) ඔවුන් ඔබට සතුරන් බවට පත් වී තමන්ගේ අත්ද, ඔබ වෙත දිගු කර තමන්ගේ මුවින් (දිවෙන් )ද ඔබට විපත් ඇති කරන්නාහ. තවද ඔබත් (විශ්වාස අත්හැර දමා ) ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් විය යුතු නොවේද? යයිද ඔවුන් කැමති වන්නාහ."
(කුර්ආණය 60:2)


"ධර්ම කාරණයන්හි ඔබ සමග විරුද්ධව යුද්ධ නොකරන්නන්ටද, ඔබගේ නිවෙස්වලින් ඔබව පිටමං නොකළ අයටද, ඔබ කෘතඥ නොවනු යයිද, ඔවුන් සමග ඔබ සාධාරණ ලෙස කටයුතු නොකළ යුතුය යයිද, අල්ලාහ් ඔබව වළක්වා හැරියේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චයකරුවන්ව ප්‍රිය කරන්නෙකු වශයෙන්ම සිටින්නේය."
(කුර්ආණය 60:8)


"අල්ලාහ් ඔබව වළක්වන්නේ, ධර්ම කාරණාවන්හි ඔබ සමග යුද්ධ කළ අය සමගද, ඔබගේ නිවෙස්වලින් ඔබව පිටමං කළ අය සමගද, ඔබව පිටමං කිරීමෙහි (සතුරන්ට) උදව් කළ අය සමගද, ඔබ මිතුරන් වශයෙන් නොසිටිය යුතුය යනුවෙනි. එබැවින් කවුරුන් ඔවුන් සමග මිතුරු සබඳකම් පවත්වන්නේද, ඔවුන් අපරාධකාරයින්ය."
(කුර්ආණය 60:9)


"විශ්වාසවන්තයිනි ! ඔබට (ඔබගේ වාර්ගිකයින්ව) මිස, (මොවුන්ව) සමීපයින් බවට ඔබ පත් කර නොගනු. (මන්දයත) ඔවුන් ඔබට හානියක් කිරීමෙහි කිසිම අඩුපාඩුවක් කරන්නේ නැත. ඔබ වේදනාවට පත් වීම ගැන ඔවුන් කැමති වන්නාහ. ඔවුන්ගේ මුව (වදන්) මගින්ම (ඔවුන්ගේ ) දැඩි ක්‍රෝධය එළිදරවි විය. (ඔබ ගැන) ඔවුන්ගේ හෘදයන්හි සඟවා ඇති දැය නම් ඉතාමත් දරුණුය. නියත වශයෙන්ම අපි (ඔවුන්ගේ) සළකුණු ඔබට විවරණය කර හැරියෙමු. ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටියහොත් (එය දැන ගත හැකියි)"
(කුර්ආණය 3:118)


"(නබියේ !) යුදෙව්වන්ද, සමානයන් තබා නමදින්නන්ද, විශ්වාසවන්තයින්ට මිනිසුන් සියල්ලන්ගෙන්ම දරුණු සතුරන් බවට සිටිනු නියත වශයෙන්ම ඔබ දකින්නෙහිය ! කවුරුන් තමන්ව ක්‍රිස්තියානුවන් යයි පවසන්නෝද, ඔවුන් විශ්වාසවන්තයින්ට (ඔවුන්ට වඩා) ස්නේහවන්තභාවයෙන් ඉතාමත් සමීපස්තයන් බවට දකින්නෙහිය ! මන්දයත් ඔවුන්ගෙන් (ඉගෙන ගත්) පඬිවරුන්ද, ස්න්‍යාසිවරුද සිටින්නාහ. තවද ඔවුන් උඬඟු වන්නේද නැත."
(කුර්ආණය 5:82)


"ජනතාවගෙන් එක් පාර්ශවයක් කෙරෙහි (ඔබ තුළ) ඇති ජාතිවාදීභාවය (ඔවුන්ට) අපරාධ කරන ලෙසට ඔබව නොපොළඹවා සිටීමටද, (කොපමණ ක්‍රෝධයක් තිබුණා වුවද) ඔබ නීතියම ක්‍රියාත්මක කරනු. එයම පරිශුද්ධභාවයට ඉතාමත් සමීපව ඇත්තේය."
[කුර්ආණය 5:2, 5:8 (අදහස)]


"එහෙත් ඔබ ගිවිසුම් කර ගත් මෙම සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් (තමන්ගේ ගිවිසුමෙහි) කිසිවක් ඔබට අඩුපාඩුවක් නොකරද, ඔබට විරුද්ධව කිසිවෙකුටත් උදව් නොකරද සිටින්නෝද, ඔවුන්ට ඔවුන්ගේ ගිවිසුමෙහි එහි නියතිම වාරය දක්වා (කිසිම අඩුපාඩුවක් නොකර) පූරණය කර තබනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයන්ව ප්‍රිය කරන්නේය."
(කුර්ආණය 9:4)


මුස්ලිම් නොමැතුන් සමග ගිවිසුම් කිරීමෙහි ඉහත සඳහන් ආයාව අනුමත කරයි. වෙනත් ආගාමිකයන් ආරක්ෂාවේ පිණිස ඔබ වෙත පැමිණහොත් ඔවුන්ට නවාතැන් දෙනු ලෙස පරිශුද්ධවූ කුර් ආනයේ 9:6 වැනි ආයාව කියා දෙයි.

මේ ආයවන් සියල්ලන්ම සැළකුවහොත් යුද්ධ නිවේදනය නොකළ වෙනත් ආගමිකයන් සමග හොඳින් ආශ්‍රය කරන ලෙස ඉස්ලාම් කියා ඇති බවෙහි දැනගැනීමට හැකිවේ. එපමණක් නොව නබිතුමාගේ (සල්) රාජ්‍යයෙහි මුස්ලිම් නොමැතුන් සියළු හිමිකම් ඇතුව ජීවත්වුනාහ. නබිතුමාගේ (සල්) ලොකුම සතුරන් ලෙස සිටිය යුදෙව් සමාජිකයන්ගෙන් තරුණයෙක් තමාගේ සේවෙකයන්ගෙන් කෙනෙකු වශයෙන් පත්කර තිබුණහ.
(ග්‍රන්ථය : බුහාරි 1356)


මුහම්මද් නබිතුමා (සල්) තමාගේ ආරක්ෂක ආවරණය යුදෙව්වෙකුට උකසට තැබී ඇත.
(ග්‍රන්ථය : බුහාරි 2916, 2068)


යුදෙව් කාන්තවෙකුගෙන් දෙනු ලද භෝජනයක් නබි නායකතුමා (සල්) බාර ගැන ඇත.
(ග්‍රන්ථය : බුහාරි 2617)

යුදෙවුන් පවා යුක්තිය ලබා ගැනීමේ පිණිස නබි නායකතුමා වෙත පැමිණී ඇත.
(ග්‍රන්ථය : බුහාරි 2412, 2417)

මෙවැනි සාමාජිකයන් යුද්ධ නිවේදනය නොකර, මුස්ලිම්වරුන් සමග ආශ්‍රය කර ඇත්තෙහිය. තවද මිත්‍රකම් ප්‍රශංසා සේ රැඟපෑම් කළ කූහකයන් පවා, එළිපිට යුද්ධ නිවේදනය නොකළ නිසා ඔවුන් සමගද මුස්ලිම්වරුන් ආශ්‍රය කළෝය. ඉස්ලාම් වෙනත් ආගමිකයන්ව වසඟ කරගත්තේ මේ කාරණයන් හේතුකොටය. මෙවැනි ආයාවෙන්හි (3:28, 4:89, 4:139, 4:144, 5:51, 5:80, 9:23) පැවසී ඇත්තේ, යුද්ධයක් පැවැත්වෙන අවස්ථාවේ හැම රටක්ම ගන්නා හදිසි ක්‍රියාමාර්ගයෙන් එක් අංගයක් වශයෙන් දෙනු ලද නියෝගයන්ය.

 ස්තුති : P. ජයිනුල් ආබ්දීන්
 

0 ප්‍රතිචාර:

Post a Comment