මෙහි ඇති සියළු ලිපි අවසරයකින් තොරව උපුටා ගත හැකියි. නමුත් එසේ කළවිට කරුණාකර අපගේ වෙබ් අඩවියද සඳහන් කරන්න

Monday, December 13, 2010

ආගම වෙනස් කිරීමේ පිණිස යුද්ධය තහනම්

"ආරාවුල (සම්පූර්ණයෙන්ම) පහ වී දීන් අල්ලාහ්ට අයත්ව යයි ස්ථීර වනතුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන් (ආරාවුල් නොකර) ඈත් වුවොහොත් (ඔවුන්ගෙන්ද) අපරාධ කරන්නන් හැර, (අන් අයට වේදනා කර ) සීමාව ඉක්මවා නොයනු"
(
කුර්ආණය 2:193)

"ආරාවුල (සම්පූර්ණයෙන්ම) පහ වී දීන් අල්ලාහ්ට අයත්ව යයි ස්ථීර වනතුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන් (ආරාවුල් නොකර ) ඈත් වුවොහොත් අල්ලාහ් ඔවුන් කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය"
(
කුර්ආණය 8:39)

පරිශුද්ධවූ කුරාණයේ 2:193, 8:39 වෙනි ආයාවන් දෙකේම "ආරාවුල පහ වී දීන් අල්ලාහ්ට අයත්ව යයි ස්ථීර වනතුරු යුද්ධ කරනු" ලෙස සඳහන් වී ඇත. මෙවැනි ආයාවන් දෙකේම 'දීන්' යන වචනයට ආගම ලෙස බොහෝ දෙනෙක් අර්ථය දක්වා ඇත.

මේ අර්ථය අනුව අනිත් සාමාජිකයන්ව බලයෙන් ආගම වෙනස් කිරීමට හැකියි යන්න තේරුම ඇතිවෙයි. නමුත් කුර් ආණයේ බොහෝ තැන්වල, ආගමේ බලකිරීම නොමැති බව ඉතා පැහැදිලිව පැවසී ඇත. (බැලීමට කුර්ආණය 2:256, 10:99, 9:6, 109:6)



"(ඉස්ලාම්) ධර්මයෙහි බල කිරීමක් නැත. (මන්දයත්) අයහමගෙහි සිට (ඈත් වී) සෘජු මාර්ගය (අත් කර ගන්නේ කෙසේද යන්නා පැහැදිලි වී ගියේය. එබැවින් කවුරුන් දුෂ්ට ශක්තියන්ව ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ව විශ්වාස කරන්නේද, ඔහු නියත වශයෙන්ම කැඩී නොයන ශක්තිමත් කඹයක් අල්ලා ගත්තේය. අල්ලාහ් සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය"
(
කුර්ආණය 2:256)

"(මුහම්මදේ) ඔබගේ දෙවියන් අදහස් කර තිබුනේ නම්, භූමියෙහි ඇති සියල්ලන්ම ඒකරාශි වී විශ්වාස කර ඇත්තෙහුය. (එබැවින්) මිනිසුන් (සියල්ලන්මා විශ්වාසවන්තයින් විය යුතු යයි ඔවුන්ව ඔබට බල කළ හැකිද?"
(
කුර්ආණය 10:99)

"සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් හෝ ඔබ වෙත ආරක්ෂාවපැතුවොහොත් අල්ලාහ්ගේ ආයාවන් ඔහු සවන් දීමට ඔහුට ආරක්ෂාව සපයනු. පසුව ඔහුව, ඔහුට ආරක්ෂාව සපයන (වෙනත් ) ස්ථානයට යවනු මැනව ! මන්දයත් නියත වශයෙන්ම ඔවුන් දැනුම නැති ජනතාවක්  වශයෙන් සිටින්නේය"
(
කුර්ආණය 9:6)

"ඔබගේ ආගම ඔබටත්, මගේ ආගම මට බවත් කියනු මැනව !" 

(කුර්ආණය 109:6)

එසේනම් "ආගම වෙනස් කරන තෙක් සටන් කරනු" ලෙස අර්ථය දැක්වීමට නොහැකියි. ඊට අමතරව නබි නායකතුමාගේ (සල්) රාජ්‍යයේ මුස්ලිම් නොමැති සාමාජිකයන්, විශේෂයෙන්ම යුදෙව් ක්‍රිස්තියානියන්, යුදෙව් ක්‍රිස්තියානියන් මෙන්ම ජීවත්වුනෝය. මේ කාරණයද හේතුකොට මෙසේ අර්ථය දක්වන්නට නොහැක. එසේම ඉහත සඳහන් වචනයට පසුපස තිබෙන වචනය සැලකුවොහොත්, එසේ අර්ථය දැක්වීම වැරදි බව පැහැදිලි වෙයි.

"ඔවුන් ඈත් වුවොහොත් ඔවුන්ගෙන් සීමාව ඉක්මවා නොයනු" ලෙස මේ ආයාව සමාප්ත වෙයි. එසේනම් ඉහත සඳහන් අර්ථය වැරදි බව පැහැදිලියි. 'දීන්' යන වචනය බොහෝ අර්ථයන් තිබෙන වචනයක් වේ. ආගමය, කූලිය, ත්‍යාගය,  නියෝගය, අධිකාරත්වය යන අර්ථයන් රාශියක් මේ වචනයට ඇත. මේ ආයාවන් දෙකටම සුදුසුම අර්ථය වන්නේ අධිකාරත්වය යන අර්ථයයි. මෙයින් අදහස් වෙන්නේ, යුද්ධයක් සිදුවෙනවිට අධිකාරත්වය අතට එන තෙක් සටන් කරන්න යන අර්ථයයි.

ස්තුති : P. ජයිනුල් ආබ්දීන්

0 ප්‍රතිචාර:

Post a Comment