මෙහි ඇති සියළු ලිපි අවසරයකින් තොරව උපුටා ගත හැකියි. නමුත් එසේ කළවිට කරුණාකර අපගේ වෙබ් අඩවියද සඳහන් කරන්න

Friday, November 26, 2010

යුද්ධයේ ව්‍යාකරණය

නබි නායකතුමා (සල්) සහ ඔහුගේ සහායකයෝ වාසස්ථානයන්, සම්පත්, උණුසුම් බව සියල්ලන්ම අහිම්කර මක්කා නගරයේ සිට පිටමං කළෝය. පසුව මදීනා නගරයට පැමිණ තනි රජ්‍යයක් ඇතිකළේය. මීට පසුවත් මක්කා නගරයේ සාමාජිකයෝ සටනට පැමිණීමද, මක්කා නගරයේ ඉතුරුවී සිටි ඉස්ලාමය පිළිගෙනු ලැබූ සමාජකයන්ව හිංසාවට පත්කිරීමද, සමහරුන්ව ඝාතණය කිරීමද හේතුකොට යුද්ධ කිරීමේ යුතුකම දෙවියා ඇති කළේය. රටක් යම් රටකට ඇරහිව කටයුතු කළවිට, එම රට ගන්නා ක්‍රියාමාර්ගයටත් වඩා ඉතා අඩුවෙන් ඉස්ලාම් තම දැඩිකම පෙන්නුම් කරයි. 'මරන්න', 'කපන්න' කියා පැවසෙන නියෝගයන් යුබිමේ ක්‍රියා කළයුතු ක්‍රියාමාර්ගයන්ය. යුද්ධභූමියේ හැසිරිය යුත්තේ මෙසේය


* යුද්ධය, ඕනෑකමෙන් සටනට පැමිණෙන්නන්ට ඇරහිවයි. (2:190, 9:13)


"අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඔබ යාම වළක්වා) ඔබට විරුද්ධවූවන් සමග ඔබත් යුද්ධ කරනු. නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු. මන්දයත නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත."
(කුර්ආණය 2:190)

* යුද්ධය, තම වාසස්ථානයේ සිට පිටත් කළ සමාජයන් සමගයි. (2:191, 22:40)

"මොවුන් (කෙබන්ඳන්දයත්) අසාධාරණයේ තමන්ගේ නිවෙස්වලින් (සතුරන් විසින්) එළවනු ලැබූවන්ය. අපගේ දෙවියන් අල්ලාහ් එක් කෙනෙකි යයි පැවසීමම මොවුන් කළ වරදක් වන්නේය ! මිනිසුන්ගේ (අපරාධ කරන) සමහරෙකුව සමහරෙකු මගින් අල්ලාහ් වළක්වා නොහැරියේ නම්, ක්‍රිස්තියානුවන්ගේ නැමදුම්පළවල්ද, ඔවුන්ගේ ආරාමයන්ද, යුදෙව්වන්ගේ නැමදුම්පළවල්ද, අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය අධික වශයෙන් පාරායණය කරන මස්ජිදයන්ද,  විනාශ කරනු ලබන්නට ඉඩ තිබුණි. අල්ලාහ්ට කවුරුන් උදව් කරන්නේද, ඔහුට නියත වශයෙන් අල්ලාහ්ද උදව් කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් බලවන්තයෙකු හා සියල්ලන්ටම බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය."
(
කුර්ආණය 22:40)


* යුද්ධයේ සිට ඉවත්ව යන්නන්ට ඇරහිව යුද්ධය නැත ! (2:192)

"(මින්) පසුවද ඔවුන් (ඔබට විරුද්ධව යුද්ධ නොකර) ඈත් වුවහොත් (ඔබ ඔවුන්ව නොකපනු). නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, අධික දයාබරවද සිටින්නේය."
(කුර්ආණය 2:192)

* යුද්ධය, අසාධාරණයට ලක්කරණු ලබන දුර්වල පුරුෂයන්, ස්ත්‍රීවරුන් සහ දරුවන්ගේ පිණිසයි ! (4:75, 22:39-40)


"බෙලහීන වූ පිරිමින් සඳහාද, ගැහැනුන් සඳහාද, කුඩා දරුවන් සඳහාද, (මොවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහාද) අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ යුද්ධ නොකර සිටීමට ඔබට කුමක් නම් සිදු වී ඇත්ද? ඔවුන් නම්, (දෙවියන්ගෙන්) "අපගේ දෙවියනේ ! අපරාධකරුවන් වාසය කරන මෙම රටින් අපව පිටමං කර හරිනු (මැනව !) ඔබ අපට ඔබගේ සන්නිධානයෙන් එක් ආරක්ෂකයෙකුද පහළ කරනු (මැනව !) ඔබ අපට ඔබගේ සන්නිධානයෙන් එක් උදව්කරුවෙකුද පහළ කරනු (මැනව !)" යයි ප්‍රාර්ථනා (කරමින්ම) සිටින්නාහ."
(කුර්ආණය 4:75)
 
* සාමයට ප්‍රිය කරන්නන්ට ඇරහිව යුද්ධය නැත. (8:61)


"ඔවුන් සමාදානය දෙසට ඇල වුවහොත් ඔබත් ඒ දෙසට ඇල වනු. අල්ලාහ්වද විශ්වාස කරනු. නියත වශයෙන්ම ඔහු සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය."
(කුර්ආණය 8:61)  
 
* ආගම පැතිරීමේ පිණිස යුද්ධය නැත. (2:256, 9:6, 109:6)


"(ඉස්ලාම්) ධර්මයෙහි බල කිරීමක් නැත. (මන්දයත්) අයහමගෙහි සිට (ඈත් වී) සෘජු මාර්ගය (අත් කර ගන්නේ කෙසේද යන්නා පැහැදිලි වී ගියේය. එබැවින් කවුරුන් දුෂ්ට ශක්තියන්ව ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ව විශ්වාස කරන්නේද, ඔහු නියත වශයෙන්ම කැඩී නොයන ශක්තිමත් කඹයක් අල්ලා ගත්තේය. අල්ලාහ් සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය"
(
කුර්ආණය 2:256)


ලෙස පරිශුද්ධවූ කුර්ආණය කියා දෙයි. සාධාරනත්ව හේතුවන් තිබුණොහොත් පමණයි මුස්ලිම් රජයෙක් සටන් කළ හැකියි බව ඉස්ලාම් පවසයි. ජිහාද් නාමයෙන් ත්‍රස්තවාදකම් කළොහොත් එය වැරදියි. යම් රටේ සිට
පිටමං කර ලැබූ සමාජයෙක් සටන්කර, ඔවුන්ගේ යුක්තිය යලි ලබාගැනීම කිසිම කෙනෙකුට අසාධාරණය ලෙස පැවසිය නොහැක. මක්කාවට ඇරහිව සටන්කළේ මෙවැනි අවස්ථාවේය.

යුද්ධය ප්‍රථමයෙන් ආරම්බ කරන්න නොලෙස පැහැදිලි නියෝගයද ඇත. (2:190, 9:12-13)


"(දිව්රා) ගිවිසුම් ඇති කර ගැනීමෙන් පසුවද ඔවුන් තමන්ගේ දිව්රුම් කඩ කර, ඔබගේ ධර්මය ගැනද, අඩුපාඩුකම් පවසමින් සිටියහොත් (නියත වශයෙන්ම) ප්‍රතික්ෂේප කරන්නන්ගේ (මෙවැනි) ප්‍රධානීන් සමග යුද්ධ කරනු. මන්දයත් ඔවුන්ගේ ගිව්සුමෙහි ස්ථීරත්වයක් නැත. (මෙවැනි නපුරෙන්) ඔවුන් ඈත් විය හැකිය."

"තමන්ගේ සත්‍ය ගිව්සුම් කඩ කර, (අපගේ) දූතයාව (රටින්) පිටමං කිරීමට අදහස් කර, උත්සාහ කළ ජනතාව සමග ඔබ යුද්ධ කළ යුතු නොවේද? ඔවුන්ම (මෙවැනි නපුරු) ඔබ වෙත පළමුවෙන්ම ආරම්බ කළහ. ඔවුන්ට ඔබ බිය වන්නෙහුද? (ඇත්තෙන්ම) ඔබ විශ්වාසවන්තයින් නම්, ඔබ බිය විය යුත්තා අල්ලාහ් (එක් කෙනෙකුම) පමණි."
(කුර්ආණය 9:12-13
  ස්තුති : P. ජයිනුල් ආබ්දීන්

0 ප්‍රතිචාර:

Post a Comment