මෙහි ඇති සියළු ලිපි අවසරයකින් තොරව උපුටා ගත හැකියි. නමුත් එසේ කළවිට කරුණාකර අපගේ වෙබ් අඩවියද සඳහන් කරන්න

Wednesday, November 24, 2010

"වෙනත් ආගමිකයන් මරන්න කියා පවසන ඉස්ලාම්" මෙය ඇත්ත ද ?

ඉස්ලාම් මුස්ලිම් නොමැති අනිත් සාමාජිකයන් මරනු ලෙස පැවසී ඇත. ඔවුන්ව දැකපු තැන්වල කපා දමනු යෙයි කුර්ආණය පැවසී ඇත.

ඉස්ලාමයට ඇරහිව කියන චෝදනාවලින් මෙය ද එකක් වේ.
කුර්ආණය 2:191 ආයාව මෙයට සාක්ෂි ලෙස පෙන්වති. ජිහාද් (පවිත්‍ර සටන) කරන්න කියා කුර්ආණය තිබෙන නියෝගයන් පෙන්වා මේ ලෙස විමර්ශන කරති.

මෙය පැහැදිලි කිරීම මගේ යුතුකම වී ඇත. මුස්ලිම් නොමැති සාමාජිකයන් දකින තැන්වල මරන්න කියා
කුර්ආණය පවසන බව කියන කරුණ ප්‍රථමයෙන් සලකමු.

"එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වූ) ඔවුන්ව දුටු තැන කපා දමනු. ඔබව (ඔබගේ රටින්) ඔවුන් පිටමං කළ ආකාරයටම ඔබත් ඔවුන්ව පිටමං කර දමනු. (ඔවුන් කරන) කළබලය ඝාතනයට වඩා ඉතාමත් නපුරුය. නමුත් (ඔවුන්ගෙන්) කවුරුන් හෝ (ආරක්ෂාව පතා) මස්ජිදුල් හරාම්හි සිටියහොත් එහෙදී ඔවුන් ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වන තුරු ඔබ ඔවුන්ව කපා නොදමනු. (ඒ ස්ථානයෙදීද) ඔවුන් ඔබට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියහොත් ඔබත් ඔවුන්ව කපා දමනු. එම ප්‍රතික්ෂේප කරන්නන්ට අයත් එලවිපාක මෙයයි !" 

ඔවුන් පවසන
කුර්ආණයේ වැකිය මෙයයි. මෙය දෙවෙනි මාතෘකාවේ 191 ආයාව. (2:191)

මෙම වැකියේ "ඔවුන්" කියා පවසා ඇත. යම්කිසි භාෂාවේ ඔවුන් කියා පැවසුවොත්, එය කවුරුන් දැයි කියා දැනගැනීමට ඉදිරියෙහි තිබෙන වැකිවල සොයා බැලිය යුතුයි. සාමාන්‍යයෙන් මුස්ලිම් නොමැතුන්ව පවසනව ද? කිසියම් සමාජයක් පවසනව ද? යම්කිසි ක්‍රියාකාරකමක් කරන්නන්ව පවසනව ද?
මෙයට පිළිතුර මෙයට ඉදිරියෙහි තිබෙන ආයාවන්වල සොයා බැලිය යුතුයි.

මෙයට ඉදිරිපිට තිබෙන
ආයාව එසේම පවසමි. මෙම චෝදනාව ව්‍යාජ බව එම ආයාවෙන්ම සියල්ලන්ටම දැකගැනීමට හැකිවේ වි.

"අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඔබ යාම වළක්වා) ඔබට විරුද්ධවූවන් සමග ඔබත් යුද්ධ කරනු. නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත."
(
කුර්ආණය 2:190)

සමහරුන් හේතු යුක්ති නැතිව සටනට පැමිණහොත් ඔවුන්ට ඇරහිව සටන් කරන්න කියා මෙම ආයාවෙන් පැවසි ඔවුන්ව මරන්න කියා අනිත්
ආයාවේ කුර්ආණය පවසයි.

ඔවුන්ව මරන්න ලෙස කියන
ආයාව මුස්ලිම් නොමැති සමාජය අදහස් කරන්නේ නැත. නමුත් තමුන්ට ඇරහිව සටන්කිරීමට එන්නොන් සමග සටන් කරන්න' ලෙස පවසන බව මෙයින් දැකගන්නට හැකිවේ. ඉදිරිපිට තිබෙන කොටස සඟවා පසුපස තිබෙන කොටස පමණක් සමහරුන් පෙන්වනවිට මෙවන් සැකවල් පලදෙයි.

යම් සමාජයට ඇරහිව සමාජයක් අසාධාරණ ලෙස සටනට පැමිණහොත් ඔවුන්ට ඇරහිව සටන් කරන්න ලෙස පැවසීමේ ඇති වරද කුමක්ද? කිසියම් ආණ්ඩුවට ඇරහිව සටනට එනවිට ඔවුන් සමග සටන් නොකර ඉඳීවි ද? එසේ පවතින සටනේ සතුරන් නොමරා මොනරපිලෙන් ඔවුන්ව සුරතල් කරාවි ද?

යුද්ධයක් ලෙස එනවිට සියළු ධර්මයන් අහකට තැබීම මුළු ලොවම අනුමත කරන ක්‍රියාවෙකි.

නමුත්
කුර්ආණය "ඔබට විරුද්ධවූවන් සමග ඔබත් යුද්ධ කරනු. නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත" කියා පැවසී යුද්ධභූමියේ ද අලුත් ක්‍රමයක් පිළිපදින්න ලෙස කුර්ආණය නියෝග කරයි.

සාධාරනත්ව හැඟීම තිබුණොත් ප්‍රශංසා කළ හැකි වැකියක් රැගෙන වැරදිව උපයෝගී කිරීම සාධාරන ද? ඔවුන් සිතිය යුතුයි.

එසේම
කුර්ආණයේ 4:89, 4:90 වැනි ආයාවන් තෝරාගෙන ඉස්ලාම් කාෆිර් (මුස්ලිම් නොමැතුන්) මරන්න කියා පවසන බව කියති.

"(විශ්වාසවන්තයිනි !) ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූ ආකාරයටම, ඔබත් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වී (ඔවුන්ට) සමාන වීම ඔවුන් කැමති වන්නාහ. එබැවින් ඔවුන් (තමන්ගේ) නිවෙස් අත්හැර දමා අල්ලාහ්ගේ මාර්ගයෙහි පිටත්ව යන තුරු, ඔබ ඔවුන්ව මිතුරන් බවට  පත් කර නොගනු. (නිවෙස්වලින් පිටමං වී යා යුතුය යන නියෝගය) ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත්, දුටු තැන ඔවුන්ව (සිරකරුවන් බවට ) අත් අඩංගුවට ගනු. (අත් අඩංගුවට පත් නොවී විරුද්ධව සටන් කරන්නන්ව) කපා දමනු. තවද ඔවුන්ගෙන් කිසිවෙකුත් (ඔබට) මිතුරන් බවටද, සහායයන් බවටද පත් කර නොගනු."

"එහෙත් ඔබ සමග (සාම) ගිවිසුමක් ඇති කර ගත් අය සමග ගිය අයවද, ඔබට විරුද්ධව යුද්ධ කිරීමට සිත නොදී (ඔබගේ සතුරන්ව අත්හැර දමා වෙන් වී) ඔබ වෙත පැමිණි අයවද, තමන්ගේ ගෝත්‍රිකයන්ට විරුද්ධව යුද්ධ කිරීමට (සිත නොදී ඔබ වෙතින් වෙන් වූ) අයවද, (කපා නොදමනු. සිරභාරයට නොගනු. මන්දයත්) ඔබ සමග යුද්ධ නොකර ඈත් වී සිට, ඔබ වෙතින් සමාදානය ඉල්ලා සිටියහොත් (එය බාර ගනු. මන්දයත් ) මෙවැන්නන් සමග (යුද්ධ කිරීමට) අල්ලාහ් ඔබට කිසිම මගක් තැබුවේ නැත." බව
කුර්ආණ පවසයි.
(කුර්ආණය 4:89-90)

මෙයින් අපට දැකගන්නට ඇති කාරණය කුමක් ද? "ඔවුන්ව
කපා දමනු" කියා පැවසෙන වචන යුද්ධභූමියේ ආයුධ රැගෙන එන සතුරන්ව පවසන බව දැකගන්නට හැකිවේ.

නබි නායකතුමාගේ (සල්) නායකත්වයෙන් රටක් හැදුනට පසුව, එය විනාශ කිරීමට සේනාවක් පැමිණහොත් ඔවුන් මුණගැසෙන ආකාරයෙන් මුණගැසීම කවුරුන්වත් චෝදනා කළ හැකි ද?

කුර්ආණයේ ජිහාද් ගැන පවසන ආයාවන් සියල්ලන්ම නබිතුමාට (සල්) රටක අධිපති හැටියට ලබපු නියෝගයන්ය.

මුස්ලිම් නොමැති මිනිසුන් මැරීම ජිහාද් නොවේ. මෙය තේරුම්ගන්නට හැකිවුනොත් මෙවන් විමර්ශන වැරදි ලෙස හඳුනාගන්නට හැකිවේ.

සටන් බිමේ හැර අනිත් වේලාවේ මුස්ලිම් නොමැතුන් සමග නබි නායකතුමා (සල්) හැසිරුනේ කෙසේද ? ඉස්ලාම් මෙය පිළිබඳ පවසන්නේ කුමක්ද ? මෙය ද දැනගන්නට හැකිවුනොත් තව පැහැදිලි වෙයි.

සටනක් ලෙස එනවිට බියසුලුකමෙන් යටත් නොවෙනු! ඇරහිව සටන්කරනු! ඔවුන්ව දකින තැන මරනු! යන්න නියෝගයෙන් තිබෙන වරද කුමක්ද?

සාමාජිකත්වයෙන් සහ යහපත් සම්බන්ධතාවයකින් හැසිරෙන අනිත් සාමාජිකයන් සමග එසේම හැසිරෙන්න කියා ඉස්ලාම් පවසයි. කිසිම අවස්ථාවේ ප්‍රමාණය ඉක්ම නොවෙනු යෙයි ඉස්ලාම් පවසයි.

වෙනත් ආගමිකයන් මර
නු කියා ඉස්ලාම් කිසි දිනක පැවසී නැත. නබි නායකතුමාගේ (සල්) කාලයේ, ඔහුගේ (සල්) පාලනයේ තිබුණු ප්‍රදේශවල ද බොහෝ ආගමිකයන් ජීවත්වුනෝය.

ඒ නිසා මෙවන් චෝදනාවන් අපවාදයයි, නිෂ්ඵලයි.

නබි නායකතුමාගේ (සල්) රාජ්‍ය කාලයේ අගනුවරව තිබූ මදීනාව සහ ඔහුගේ (සල්) පාලනයේ සිටි අනිත් ප්‍රදේශවල ද වෙනත් ආගමිකයන් ජීවත්වුනෝය. ක්‍රිස්තියානිකයන් වාසය කළෝය. මුස්ලිම් නොමැති බොහෝ ආගමිකයන් ජීවත්වුනෝය. ඔවුන් දැකපු තැන්වල මැරුවේ නැත.

එක් දෙවියෙක් හැර වෙන කිසිම කෙනෙක්වත්, කිසි දෙයක්වත් නොවඳිනු යන්න කාරණයේ ඉස්ලාම් ස්ථීරව සිටියි. මිනිසුන්ව
නොවඳිනු යන්න කාරණයේ ස්ථීරව සිටියි. මිනිසුන් වඳින පිළිමයට කිසිම ශක්තියක් නැත යන්න කාරණයේ ද ඉස්ලාමයට දෙවෙනි යෝජනාවක් නැත. එබැවින් වෙනත් ආගම් අදහන්නන්ව බණින්න පුළුවන්දැයි යන්න' ඉස්ලාම් නිසැකවම එය ප්‍රතික්ෂේප කරයි.

"(විශ්වාසවන්තයිනි !) අල්ලාහ් නොවෙන කුමක් හෝ ඔවුන් (දෙවිවරුන් යයි) ආරාධනා කරන්නෙහුද, ඒවාට ඔබ දොස් නොකියනු. එමගින් ඔවුන් නොදැනුවත්කමේ හේතුවෙන් සීමාව ඉක්මවා අල්ලාහ්ට බැණ වදිනු ඇත. මෙසේම සෑම සමූහයන්ට ඔවුන්ගේ ක්‍රියාවන් අපි අලංකාරවත් කර තබා ඇත්තෙමු. පසුව ඔවුන් තමන්ගේ දෙවියන් වෙතම යන්නෙහුය. ඔවුන් කරමින් සිටි ක්‍රියාවන් ගැන (ඒවායෙන් හොඳ කුමක්ද, පාපය කුමක්ද යන්න) ඔහු, ඔවුන්ට දැනුම් දී ඇත."
(
කුර්ආණය 6:108)

"මොවුන් (කෙබන්ඳන්දයත්) අසාධාරණයේ තමන්ගේ නිවෙස්වලින් (සතුරන් විසින්) එළවනු ලැබූවන්ය. අපගේ දෙවියන් අල්ලාහ් එක් කෙනෙකි යයි පැවසීමම මොවුන් කළ වරදක් වන්නේය ! මිනිසුන්ගේ (අපරාධ කරන) සමහරෙකුව සමහරෙකු මගින් අල්ලාහ් වළක්වා නොහැරියේ නම්, ක්‍රිස්තියානුවන්ගේ නැමදුම්පළවල්ද, ඔවුන්ගේ ආරාමයන්ද, යුදෙව්වන්ගේ නැමදුම්පළවල්ද, අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය අධික වශයෙන් පාරායණය කරන මස්ජිදයන්ද,  විනාශ කරනු ලබන්නට ඉඩ තිබුණි. අල්ලාහ්ට කවුරුන් උදව් කරන්නේද, ඔහුට නියත වශයෙන් අල්ලාහ්ද උදව් කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් බලවන්තයෙකු හා සියල්ලන්ටම බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය."
(
කුර්ආණය 22:40)

ධාන ධර්මයන් කිරීමේ දී, උපකාර කිරීමේ දී, ධර්මය රැකගැනීමේදී මුස්ලිම්, මුස්ලිම් නොමැතුන්
වශයෙන් වෙනස්කර නොබලන්න යෙයි ඉස්ලාම් පැහැදිලිව නියෝග කරයි.

"ධර්ම කාරණයන්හි ඔබ සමග විරුද්ධව යුද්ධ නොකරන්නන්ටද, ඔබගේ නිවෙස්වලින් ඔබව පිටමං නොකළ අයටද, ඔබ කෘතඥ නොවනු යයිද, ඔවුන් සමග ඔබ සාධාරණ ලෙස කටයුතු නොකළ යුතුය යයිද, අල්ලාහ් ඔබව වළක්වා හැරියේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චයකරුවන්ව ප්‍රිය කරන්නෙකු වශයෙන්ම සිටින්නේය." 
(
කුර්ආණය 60:8)

"විශ්වාසවන්තයිනි ! නීතිය අකුරටම පිළිපැදීමෙන් අල්ලාහ් වෙනුවෙන් ස්ථීර වූ සාක්ෂියක් වශයෙන් සිටිනු. ජනතාවගෙන් එක් පාර්ශවයක් කෙරෙහි (ඔබ තුළ) ඇති ජාතිවාදීභාවය (ඔවුන්ට) අපරාධ කරන් ලෙසට ඔබව නොපොළඹවා සිටීමටද, (කොපමණ ක්‍රෝධයක් තිබුණා වුවද) ඔබ නීතියම ක්‍රියාත්මක කරනු. එයම පරිශුද්ධභාවයට ඉතාමත් සමීපව ඇත්තේය. (කුමන අවස්ථාවන්හි වුවද) ඔබ අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය."
(
කුර්ආණය 5:8)

මුස්ලිම් නොමැතුන් සමග කෙසේ හැසිරෙන්න කියා
කුර්ආණය නියෝග කළේ ද යන්න එසේ නබි නායකතුමාද (සල්) හැසිරුනේ ය.

වෙනත් ආගමිකයන් සමග නබි නායකතුමා (සල්) හැසිරුනේ කෙසේ ද කියා පහත සඳහන් සිද්ධිය මගින් දැකගන්නට හැකිවේ.

වෙනත් ආගමික ගැහැණියක් නබි නායකතුමාට (සල්) විෂ පොවූ එළු මාංශය රැගෙන පිරිනැමුවාය. නබි නායකතුමා (සල්) එම මාංශය අනුභව කළේය. පසුව ඇය නබිතුමා (සල්) ලඟට කැඳවී ඇයගෙන් මේ පිළිබඳ විමසුනේය. "ඔබව මැරීමට සැලසුම් කළෙමි" කියා ඇය පැවසුවාය. එම ක්‍රියාව
නියත වශයෙන්ම අල්ලාහ් ඔබට දී නැති බව නබි නායකතුමා (සල්) කීවේය. "ඇයව මරන්න ද?" කියා ඔහුගේ (සල්) සහායකයෝ ඇසූවිට "නොමරනු" ලෙස නබි නායකතුමා (සල්) කීවේය.

(මුස්ලිම්, අහමදු යන ග්‍රන්ථවල මෙම ඉතිහාසික සිද්ධිය සටහන් වී ඇත )

ඉස්ලාමිය නීතිය අනුව ඇයව මැරීමට අනුමත තිබිලත් උපහටයා ලෙස නබි නායකතුමා (සල්) භාවිතා කළේ
සමාවදෙන ක්‍රමයයි.

අනිත් සාමාජිකයන් සමග මෙවැනි අවස්ථාවේ ද නබි නායකතුමා (ස
ල්) හැසිරුනේ කෙසේ ද කියා සිතිය යුතුයි.

ස්තුති : P. ජයිනුල් ආබ්දීන්

0 ප්‍රතිචාර:

Post a Comment