මෙහි ඇති සියළු ලිපි අවසරයකින් තොරව උපුටා ගත හැකියි. නමුත් එසේ කළවිට කරුණාකර අපගේ වෙබ් අඩවියද සඳහන් කරන්න

Wednesday, November 24, 2010

කුර්ආණය සහ මී මැස්සන්

"ඔබගේ දෙවියන් මී මැස්සන්ට හොඳ වැටහීමක් ඇති කරන්නේය. "කඳුවලද, ගස්වලද, උස ගොඩනැගිලිවලද ඔබ කූඩු තනා ගනු". "තවද ඔබ සෑම වර්ගයකම පලතුරුවලින් (මල්වලින්) පානය කර, ඔබගේ දෙවියන්ගේ පහසු මාර්ගයන්හි (ඔබගේ කූඩු තුළට) හැකිළී යනු." මෙමගින් උගේ කුසෙන් විවිධ වර්ණයන්ගෙන් යුත් පානයක් (මී පැනි) ඉකුත් වන්නේය. එයින් මිනිසුන්ට සුවය ඇත. නියත වශයෙන්ම මෙහිදි සිතා දැන ගත හැකි ජනතාවට එක් සාධකයක් ඇත."
(
කුර්ආණය 16:68-69)

ඉහත සඳහන් ආයාව මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන පිළිබඳ සත්‍ය පවසයි.

මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන බව අදටත් බොහෝ දෙනෙකු දැනගෙන නැත. මීමැස්සන් මල්වලින් පැණි අධිශෝෂණයකර කූඩුවල රැස්කරන බව වැරදි ලෙස දැනගෙන සිටින්නෝය.

සත්‍ය මෙයයි. මල්වල තිබෙන පැනි මීමැස්සන් ආහාර ලෙස අරගනිති. ඊට පසුව ඔවුන්ගේ කුසට ගිය එම වස්තුව වෙනස්වී, ඔවුන්ගේ කුසවලින් පිටමං කරන එක් අපද්‍රව්‍යක් පමණි.

මෙය විද්‍යාව ඔප්පුකර හමාරයි. නමුත් 14 ශතවර්ෂයට පෙර පහළ කළලද
කුර්ආණ 'මීමැස්සන් පැණි ආහාරයට ගනිති' බව පවසයි. 'ඔබ පානය කරනු' යන නියෝගයෙන් මෙය පැහැදිලි වෙයි.

කෑමට පසුව "ඔවුන්ගේ
කුසෙන් පැණි පිටවෙයි" ලෙස 14 ශතවර්ෂයට පෙර ජීවත්වුනු කිසිම කෙනෙකුටවත් ප්‍රකාශ කළ නොහැක.
එසේම මීමැස්සන් පැණි සෙවීමට ඉතා පහපහසුව ගොස්, පහසු ලෙස ඔවුන්ගේ කූඩුවලට පැමිණෙන්නාහ යන විද්‍යාණුකූල සත්‍යද සම්බන්ධකර පැවසී ඇත.

මීපැණිවල ඇති ගුණාංගය බොහෝ ප්‍රතිකාරවල උපයෝගී කරති. මෙයද මෙම ආයාවේ පැවසී ඇත. මෙය මිනිසාගේ වාචකයක් නොමැති බව ඉතා පැහැදිලිව අවබෝධ කරන ආයාවෙකි.
ස්තුති : P. ජයිනුල් ආබ්දීන්
 

0 ප්‍රතිචාර:

Post a Comment