මෙහි ඇති සියළු ලිපි අවසරයකින් තොරව උපුටා ගත හැකියි. නමුත් එසේ කළවිට කරුණාකර අපගේ වෙබ් අඩවියද සඳහන් කරන්න

Wednesday, November 24, 2010

සාගරයන් දෙක අතර ඇති බෙත්ම

පරිශුද්ධවූ කුර්ආණයේ බොහෝ තැන්වල සාගරයන් දෙකක් සන්ධිවෙන තැන්වල එම සාගරයන් මැද එක් ශක්තිමත් බාධකයක්ද, බෙත්මක්ද ඇතිකර ඇති බව පවසයි.

"භූමිය ස්ථීර වූ වාසස්ථානයක් වශයෙන් නිර්මාණය කර එහි මධ්‍යයෙහි ගංගාවන්ද, ඒ සඳහා ස්ථීර වූ කඳුද නිර්මාණය කළේ කවරෙක්ද? මුහුදු දෙකක් ඇතරේ බාධකයක් ඇති කළේ කවරෙක්ද? (මේවා කළ) අල්ලාහ් සමග නැමදුමට යුත්තෙකු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තේම) නැත. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙයද) නොදැනුවත් අය වශයෙන්ම සිටින්නාහ."
(
කුර්ආණය 27:61)

"එකට එකතු වන සමුද්‍රයන් දෙකම ඔහුම හමු වීමට සැලැස්සුවේය. එහෙත් ඒවා අතර බාධකයක් ඇත. (එම බාධකය) ඒ දෙක කඩ කරන්නේ නැත. එබැවින් (මිනිස් හා ජින්වරුනි !) ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?"
(
කුර්ආණය 55:19-21)

මුහුද පිළිබඳ පර්යේෂණය කරන්නන් පර්යේෂණය කර සාගරයන් දෙකක් සන්ධිවෙන තැන්වල වතුර දෙකේ රසයෙන්ද, ඝනත්වයෙන්ද, ලුණු අනුවෙන්ද වෙනස් වී තිබෙන බව සොයාගෙන ඇත.

ජේක්කූස් කෝස්ටෝ නමෙති ප්‍රංෂයේ මුහුදු පර්යේෂිකයෙක් පර්යේෂණය කර සාගරයන් මැද එක් බාධකයක් තිබෙන බව ප්‍රථමයෙන් සොයාගත්තේය.

මෙය ලියන්නත් කියවන්නත් බැරි නබි නායකතුමාට (සල් ) 14 ශතවර්ෂයට පෙර කෙසේ දැන සිටිය හැකිද? ඒ නිසා
පරිශුද්ධවූ කුර්ආණය දෙවියාගේ වාචකයන් බවට මෙයද එක් සාක්ෂියක් ලෙස සිටියි.
ස්තුති : P. ජයිනුල් ආබ්දීන්

0 ප්‍රතිචාර:

Post a Comment